බිත්තර සම්බන්ධයෙන් ඇසෙන අලුත්ම ආරංචිය.
Sri Lanka
Sri Lanka Food Crisis
Egg
By krishani
බිත්තර ආනයනය කිරීම අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
බිත්තර ආනයනය කිරිම මඟින් වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය සමනය කිරීමට හැකියාව ලැබුණු බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ ය.
එමෙන්ම දෛනිකව අවශ්‍ය බිත්තර මිලියනයක අවශ්‍යතාව සඳහා බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.
ඒ රජය ගෙන ඇති කැබිනට් ප්‍රතිපත්තිය මතයි.
කෙසේ වෙතත්, ඒ සඳහා ඉදිරි මාස 03කට අවශ්‍ය අනුමැතිය දැනටම ලැබී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.
