කොවිඩ් වැලඳුන ගර්භණී කාන්තාවන්ට සිදු වන දේ මෙන්න
කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ට පසු කොවිඩ් රෝගී තත්ත්වයන් වාර්තා වන බව ප්‍රසව හා නාරි වෛද්‍ය විද්‍යායතනය පෙන්වා දී තිබේ. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, මෙය බරපතළ තත්ත්වයක් නොවූව ද එයට නිසි ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වන බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,
"කොවිඩ් -19 වැලඳුන ගර්භණී මව්වරුන් එයින් සුවපත් වු පසුව දැනට අපිට දකින්නට ලැබිලා තියෙනවා ඒ මව්වරුන්ට පසු කොවිඩ් -19 තත්ත්වයක් ගැන. මේ මව්වරුන් කොරෝනා රෝගය සුවපත් වෙලා සති 4කට පස්සේ, ශ්වසන අපහසුතා ඇතිවෙන්න පුළුවන්. මාංශපේශී වේදනා, විඩාකාරී බව සහ දණහිස් වේදනාව කියන රෝගී තත්ත්වයන් ගැන අපිට දන්වලා තියෙනවා. ඒ නිසා පසු කොවිඩ් -19 තත්ත්වය ගර්භණී මාතාවන්ටත් බලපානවා කියන එක කියන්න පුළුවන්. මේ තත්ත්වය මාස 6ක් දක්වා තියෙන්න පුළුවන්. මේක බරපතළ තත්ත්වයක් නෙමෙයි. ඒ වුණත් කොරෝනා රෝගය වැලඳුන ගර්භණී මවක් නම් පසු කොවිඩ් තත්ත්වය ගැන දැන සිටිය යුතුයි. ඔබට ඉහත කියු අපහසුතා තියෙනවා නම් ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවී උපදෙසක් ගැනීම සුදුසුයි."
දිවයින පුරා ගැබිනි මව්වරුන් ලක්ෂ දෙකක් පමණ වාර්තා වන අතර ඉන් 90%කට වඩා සාර්ථක ලෙස එන්නත්කරණය කර අවසන් බව ද පැවසු වෛද්‍යවරයා, ගැබිනි මව්වරුන්ගේ මරණ වැඩිපුර වාර්තා වී ඇත්තේ එන්නත් ලබා නොගත් අයගෙන් බව ද පැවසීය.
මළ දරු උපත්, ඔක්සිජන් අවශ්‍යතා මෙන්ම දැඩි අවදානම් තත්ත්වයන් වළක්වා ගැනීමට නම් එන්නත්කරණය ඉතා වැදගත් බව ද වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කියා සිටියේය. එන්නත් ලබාගත් මව්වරුන්ට මේ වනතුරු කිසිදු බරපතළ සංකූලතා ඇති වු බවට වාර්තා වී නොමැති බව ද ඒ මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |