මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර් නෑ - අලුත්ම තීරණය මෙන්න..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වලට සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර සෑම පෝස්ටරයකම තම තමන්ගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය. ජනපතිවරයා සදහන් කළේ, අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන් පාඨ දේශපාලනය රට අගාධයට ඇද දැමු බව ද සඳහන් කළේය. එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව සිහිපත් කළ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.
අද (08) පෙරවරුවේ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට එක්වෙමිනි.
මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ (07) සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබේ.
