දිවයින පුරා සියලු පාසල් වලට දැනුම් දීමක්..සිසුන් සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

Sri Lanka Education School Principals Dinesh gunawardhane Languages
By Aruna Feb 13, 2022 05:20 AM GMT
Aruna

Aruna

Report

වී - භාෂා යන තේමාව ඔස්සේ මෙරට සිසුන්ට විදේශීය භාෂා 10 ක් ඉගැන්වීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කාන්තා හා ළමා හා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ යටතේ ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, හින්දි, චීන, ජපන්, රුසියානු හා අරාබි යන භාෂා හැදෑරීමේ හැකියාව සිසුන්ට හිමිවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.

ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සම්බන්ධයෙන් දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha