නැවත පාසල් ආරම්භ කරන දිනය ගැන අධ්‍යාපන ඇමති කියූ දේ. (VIDEO)
Sri Lanka
Education
School
G. L peris
By Aruna
රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසනවා.
මේ හේතුවෙන් මාර්ගගත දුරස්ථ ක්‍රමය මගින් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දුරස්ථ ක්‍රමය මගින් වුවද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබාගනීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් "ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන" පිහිටු වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර දවසේ වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
