අද සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත වන දිනයන්
සංචරණ සීමා පැවතියද අද (29) සිට දින 03ක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා පාරිභෝගිකයන්ට පැමිණීමට හැකියාවක් නැහැ.
සිල්ලර වෙළඳුන්ට, තොග වෙළඳුන්ට සහ ජංගම වෙළඳසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට සහ රැගෙන යාමට හැකියාව පවතිනවා.
එලෙස පැමිණෙන පුද්ගලයින් ඊට අදාළ පිළිගත හැකි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බවයි පොලීසිය සඳහන් කළේ. බොහෝ පිරිස් එවැනි කටයුතුවලට සහභාගිවන මුවාවෙන් නීතිවිරෝධී කටයුතු සිදුකිරීම සහ පෞද්ගලික ගමන් බිමන් යාම මෙලෙස ලියකියවිලි පරීක්ෂා කිරීමට හේතු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
එමෙන්ම ජුනි මස 03 සහ 04 යන දිනවලදී ද ඒ ආකාරයෙන්ම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |