ප්‍රසිද්ධියේ ගව මස් පරිභෝජනය සහ විකිණීම තහනම් කෙරේ.
ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය මඟින් අවන්හල් තුළ සහ උත්සව ඇතුළු පොදු අවස්ථාවල ගව මස් පරිභෝජනය තහනම් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මෙය පන්සල් වැනි ඇතැම් ආගමික ස්ථාන අසල ගව මස් විකිණීම තහනම් කරමින් පනවන ලද පෙර නීතියම පුළුල් කිරීමක් බවයි.
නමුත්, ගව මස් තවමත් ප්‍රාන්තයේ වෙළඳසැල්වලින් මිලදී ගත හැකි අතර නිවාස තුළ හෝ පෞද්ගලික ආයතන තුළ ආහාරයට ගත හැකියි.
රට තුළ ජනගහනයෙන් 80% ක් වන හින්දු භක්තිකයන් විසින් ගවයින් ගෞරවයට පාත්‍ර කරන බැවින් 'ගව මස් පරිභෝජනය' ඉන්දියාවේ සංවේදී ප්‍රශ්නයක් වන අතර අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) ප්‍රාන්ත කිහිපයක (ඇසෑම් ද ඇතුළුව) මෑත වසරවලදී ගව ඝාතනය දැඩි ලෙස මර්දනය කර ඇත.
ඒ, අනුව භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරනු ලබන ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් තුනෙන් දෙකක් පමණ ගව ඝාතනය සහ මස් පරිභෝජනය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
මේ අතර ඇසෑම් ප්‍රාන්තයේ, සාමාන්‍යයෙන් ගව මස් අනුභව නොකරන හින්දු, ජෛන සහ සීක් ජාතිකයන් ජීවත් වන ප්‍රදේශවල ගවමස් විකිණීම 2021 දී තහනම් කරන ලදී.
!["මට එක පාරටම වෙඩි තියලා මරලා දාපල්ලා." - මාලිමාවට උදව් කරපු රාජාංගණයේ හාමුදුරුවන්ට සිදු වූ දේ.- අද CIDයට. - (VIDEO)](https://cdn.ibcstack.com/article/20449e58-67cc-437b-b2cb-e805a597eab0/24-675195700cc43-sm.webp)
"මට එක පාරටම වෙඩි තියලා මරලා දාපල්ලා." - මාලිමාවට උදව් කරපු රාජාංගණයේ හාමුදුරුවන්ට සිදු වූ දේ.- අද CIDයට. - (VIDEO)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)