ඔබ ආසාදිතයෙක් ද? හදුනා ගැනීමට පහසුම ක්‍රමයක් මෙරටින්.
තැන තැන සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂා වලින් බලාපොරොත්තු නොවූ ආකාරයට වැඩි ආසාදිතයින් ගණනක් හමුවෙමින් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ කළුතර තෙඹුවන නගරයට පැමිණි 50 දෙනකුට සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී 10 දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබූ බවට හඳුනගැනිණි.
එමෙන්ම, යටියන්තොට ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 105 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී 57 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි. බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් දිසානායක මහතා පවසන්නේ එම ප්‍රදේශයේ කුඩා දරුවන් ආසාදිත බවට වාර්තාවීමේ ප්‍රතිශතය 40% ක් පමණ වන බවය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වුවහොත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන හෝ SMS පණිවිඩයකින් දැනුම්දෙන ලෙසය. කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් ඉහළයාම හේතුවෙන් ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවට අයත් පුංචි බොරැල්ලේ හේවන් සහ සන්ෂයින් නිවාස අද (24) ජාතික රෝහල යටතට පත්කර තිබේ.
එම නිවාස, කොළඹ ජාතික රෝහල අධීක්ෂණය යටතේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය. මේ අතර, යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීම අදත් සිදුකළේය.
ගැබිනි කාන්තාවන් සඳහා එන්නත්කරණය සිදුකෙරුණේ කාසල් වීදියේ කාන්තා රෝහලේදීය. එමෙන්ම පිටකොටුවේ සැරිසරන යාචකයින් 100 දෙනෙකුට එන්නත්කරණය අද සිදුකෙරුණි. වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි විසි එක් ලක්ෂ විසි නවදහස් හාරසිය අනූ දෙකක් වෙයි. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද ලක්ෂ 58 ඉක්මවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |