ස්වාමිනී මගේ පෙම්වතිය තාමත් මන් වෙනුවෙන් බලන් ඉන්නවා - පාස්කු නඩුවේ 11 වෙනි වැරදිකරු වැලෙපෙමින් කෙරූ හෙළිදරව්ව

Report

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේදී ඊයේ (22) වරදකරු බවට පත් වූ 11 වැනි වරදකරු වන හුසේයිනුල් කාලිද් සමීර්, තමන්ට නියම කිරීමට නියමිත දඬුවම සම්බන්ධයෙන් කරුණු දක්වමින් විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් සිදුකර තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ,

"ස්වාමීනි මට නීතිඥ සහයක් නෑ. මං කරන ප්‍රකාශයේ වරදක් වුණොත් මට සමාවෙන්න. මම අවුරුදු හතහමාරක කාලයක් පාස්කු සිද්ධියට රිමාන්ඩ් වෙලා ඉන්නවා. අවුරුදු එකොළහකින් තමයි මගේ අම්මයි තාත්තයි ආයේ එකතු වුණේ. ඒ දෙන්නත් එක්ක මට ඉන්න ඕන. පොඩි කාලේ ඉඳන්ම මට එයාලත් එක්ක ඉන්න බැරි වුණා. මං හිතුවා දැන්වත් මට ඉන්න පුළුවන් වෙයි කියලා.

මං මගේ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි. මට ඕනි එයාලට සලකන්න. ඒත් දැන් වෙලා තියෙන්නේ එයාලට මාව බලන්න එන්න. මම රජයේ සාක්ෂිකාරයෙක් හැටියට පුත්තලම සහ මහනුවර තිබූ නඩුවලට සාක්ෂි ලබා දුන්නා. මං හිතුවා මේ නඩුවෙත් මාව රජයේ සාක්ෂිකාරයෙක් කරයි කියලා. ඒකයි මං ප්‍රකාශයක් ලබා දුන්නේ. ස්වාමීනී මම අත්අඩංගුවට ගන්නකොට මට විවාහ යෝජනාවක් තිබුණා ගෙදරින්. ඒ ගෑණු ළමයා තාමත් මං වෙනුවෙන් බලන් ඉන්නවා. ඒ හින්දා ස්වාමීනී මට අත්හිටවූ සිර දඬුවමක් ලබා දෙන්න.''

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න