මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේදී ඊයේ (22) වරදකරු බවට පත් වූ 5 වැනි වරදකරු වන මොහොමඩ් ඊබ්‍රාහීම් සාහිඩ් අබ්දුල් හක්, තමන්ට නියම කිරීමට නියමිත දඬුවම සම්බන්ධයෙන් කරුණු දක්වමින් විවෘත අධිකරණයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

"ස්වාමීනි මම මේ නඩුවේ පස්වැනි චූදිත. මේ නඩුවේ 04වැනි චූදිත මගේ සහෝදරයා. මීට ටික වෙලාවකට පෙර 14 වැනි චූදිතයාවන මගේ පියා නිදොස් කොට නිදහස් වුණා. මායි මගේ සහෝදරයයි අවුරුදු හතහමාරක් සිරගත වෙලා. මගේ තාත්තා පාස්කු ප්‍රහාරය වීමට මාස තුනකට පෙර සිරගත වෙලා හිටියා.

මගේ ලොකු මල්ලිත් සිරගත වෙලා හිටියා. මගේ නංගි අවුරුදු දෙකහමාරක් සිරගත කරලා තිබුණා. දැන් ඒ නඩුවෙන් නිදොස් කරලා තියෙනවා. මගේ සහෝදරයාගේ බිරිඳ අවුරුදු හතර හමාරක් සිරගත කරලා නිදහස් කරලා තියෙනවා. මගේ බාල මල්ලිට අවුරුදු නවයයි. බාල නංගිට අවුරුදු හතයි. එයාලත් දින පහක් පොලිස් කූඩුවේ හිටියා මේ සිද්ධියට.

මෙහෙම බලනකොට අපේ පවුලේ ගොඩක් අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරා. ඒක අපට හරිම පීඩනයක්. මේ නිසා අපේ පවුල බොහෝ පීඩාවට ලක්වෙලා තියෙනවා. මම සිරගත වෙනකොට අවුරුදු විසි හතයි දැන් මට තිස්හතරයි. අවුරුදු හත හමාරක්ම මේකට රිමාන්ඩ් වුණා. අද මම වැරදිකරු වෙලා. මම මේ ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම සම්බන්ධ නැති බව මා මවපු දෙවියන් වහන්සේ දන්නවා. මම මෙම චෝදනාවලට වැරදිකරු නොවෙයි. විදෙස් රටවලින් පවා මෙම නඩුවට දෙන තීන්දුව ගැන බලාගෙන ඉන්නවා. කෝටි ගණන් මුදල් වැය කරලා මෙම නඩුව කරනවා. කොහොම වුණත් මම දන්නවා මම නිවැරදිකාරයෙක් කියලා.''

සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - වරදකරුවන් 15 දෙනාට දුන් දඬුවම මෙන්න

සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - වරදකරුවන් 15 දෙනාට දුන් දඬුවම මෙන්න

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න