කාලගුණයෙන් කලින්ම අනතුරු ඇඟවීම්

Department of Meteorology TN Weather Weather Rain Sinhala news
By Hashini Jun 09, 2025 11:10 AM GMT
Hashini

Hashini

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ හෙට දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100ක තද වැසි ඇති විය හැකි බවයි.

උතුරු පලාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බහාලුම් පැන්නු රේගු ලොක්කන් පලා යන්න සැරසේ

බහාලුම් පැන්නු රේගු ලොක්කන් පලා යන්න සැරසේ

බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරු මැද , වයඹ සහ දකුණු පළාත්වලත් , ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

රුපියල තවත් බාල්දු වෙයි

රුපියල තවත් බාල්දු වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

එසේම හෙට දිනයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සියල්ල හෙළිවේ?බන්ධනාගාර නිලධාරියාගේ වැඩ තහනම්.

සියල්ල හෙළිවේ?බන්ධනාගාර නිලධාරියාගේ වැඩ තහනම්.

    

ReeCha