බහාලුම් පැන්නු රේගු ලොක්කන් පලා යන්න සැරසේ

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් පිට කිරීමට සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සූදානමක් ඇති බවයි.

ඔවුන් බෙල්ජියමට සහ ඕස්ට්‍රේලියාවට එසේ පලා යාමයට සැලසුම් කර ඇති බවද පැවසූ ඔහු ඒ හේතුවෙන් ඔවුනට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් පැවසුවා.

ගම්මන්පිල CIDයෙන් පිටව යයි

ගම්මන්පිල CIDයෙන් පිටව යයි

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදියි.

රේගු පරීක්ෂාවකින් තොරව පිටකරන ලද බභාලුම් තොගයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීමට ඔහු අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

ගම්මන්පිලගේ රහස් වාර්තාවේත් ඊයේ රේගුවෙන් කියූ දේට වඩා වැඩි යමක් නැතිබව හෙළිවේ.

ගම්මන්පිලගේ රහස් වාර්තාවේත් ඊයේ රේගුවෙන් කියූ දේට වඩා වැඩි යමක් නැතිබව හෙළිවේ.