ඔබත් මේවා භාවිතා කරනවා ද? එනම් හිරේ යන්න වෙයි

By Gagana News Mar 10, 2025 06:08 AM GMT
Report

වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වුණි. එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මුදල් කාරක සභාවේදී අදහස් දක්වමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මේ බව පැවසීය.

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

‘සුපර් මුස්ලිම්’ කියන නැගෙනහිර අන්තවාදී සංවිධානයක් - ඥානසාර හිමිගෙන් රටම කලබන හෙළිදරව්වක්!

රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ලංකාවේ සිගරට් බද්ද එන්න එන්න අඩුවෙන බවක් පෙනී යන බවය.

එමෙන්ම දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන ලෙස ද හර්ෂ ද සිල්වා මෙහිදී උපදෙස් ලබාදුනි.