මට බබාලා ඕනි මන් ආසයි බබාලට.මන් බොහෝ දුරට සුද්දෙක් බඳින්න ඉඩ තියනවා.පාරදිගේ බන්ටි දුෂේනි (PHOTOS)
දුෂේනි මියුරංගි කාලයක් නැතිව ඉදලා එකපාරටම ස්වර්ණවාහිනියේ පාර දිගේ ටෙලි කතාවෙන් පාරටම වැටුනා ඉතින් අද අපි කියන්න හදන්නේ දුෂෙනි ගේ විස්තර ටිකක්. නම කීවම නම් ගොඩක් දෙනෙක්ට මතක ඇති. කොහොම නමුත් දැනට වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ලංකාව තුල කලාව වෙනුවෙන් කිසිම දායකත්වයක් ලබාදීලා නැහැ කියලා තමයි අපිට දැනගන්නට ලැබුනේ. ඉතින් දුශේනි කියන්නේ මේ වගේ කතාවක්.
මම මේ අවුරුදු දෙකහමාරකට විතර පස්සේ තමයි ලංකාවේ කලාව වෙනුවෙන් දෙයක් කරන්න සුදානම් වෙන්නේ. ඇයට රංගනය සඳහා අවස්ථාව ලැබෙන්නේ 2017 වසරේදී miss sri srilanka කිරුළ ජයග්‍රහණය කිරීමත් සමගයි. ඇගේ පියාගේ එකම ආශාව ඉටු කළ ඇය මුලින්ම රංගනයට පිවිසෙන්නේ ආදරේ ගින්දරක් කියන ටෙලි නාට්‍යය ඔස්සේයි. ඉතින් මේ දවස් වල ජනප්‍රියම රංගන ශිල්පිනියක් වූ ඇය ගැන අද අපි කතා කරන්නට සිතුවා.
පසුගිය දවසකදී ඇය එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ තොරතුරු රසිකයා සමඟ කියා සිටියේ මේ විදිහට.පාරදිගේ ටෙලි නිර්මාණය වෙනුවෙන් කාලෙකට පස්සේ දායක වීම ගැන ගොඩක් දෙනෙකුගේ ආදරය ලැබෙන්න පටන්ගත්තා.
පිටපත ලැබුනම මට ඒ ලැබුන චරිතය කරන්න ආසාවක් ඇති වුනා. ගොඩක් වෙලාවට ප්‍රධාන නිළියට කරන්න තියෙන්නේ අහිංසක පෙම්වතියගේ චරිතයනේ. හැබැයි මට කරන්න ලැබුණ බන්ටිගේ චරිතය විවිධත්වයක් තියෙන චරිතයක්. ඒ නිසාමයි මම මේ නිර්මාණය වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න හිතුවේ.දැන් පාර දිගේම තමා එක ඇත්තටම වෙනස්ම අද්දැකීමක් කියලා හිතනවා.“ඇත්තටම පාර දිගේ කියලා කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු එක් ටෙලි නාට්‍යයක්. එහි එක්තරා සිදුවීමක් තිබුණා ඩාලින් අක්කත් එක්ක රණ්ඩු වෙන සීන් එක. ඇත්තටම මෝල්ගහෙන් ගහන එකට නම් එදා මං සෑහෙන්න බය උනා. හදිස්සියෙන්වත් ඇගේ ඇටයක් හරි පිපුරුවොත් මොකද කරන්නේ. අනික ඒක ඇත්ත මෝල් ගහක්.ඇත්තටම විවාහය කියන දේ අත්‍යවශ්‍ය දෙයක්.
මොකද මට බබාලා ඕනේ. මං හරි ආසයි ළමයින්ට. මම කවදාවත් ගෙදරින් කියන ඒවා නම් බඳින්නේ නැහැ. සමහරවිට මම පිටරට කෙනෙක් බදින්නත් ඉඩ තියෙනවා. බොහෝ දුරට ඒක එහෙම වෙයි. ඇත්ත ජීවිතයේදී නම් බන්ටි වගේ චරිතයක් නෙමෙයි මම. මම සරණි වගේ චරිතයක්. ඇත්තටම මම පොඩ්ඩක් ආදරේට බයයි. මිනිස්සුන්ට සම්බන්ධතා වලට චුට්ටක් බයයි.”මේ විදියට තමයි ඇය අදහස් දක්වලා තිබුණේ. ඉතින් කොයි කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉටු වේවා කියලා හදවතින්ම සුබ පතනවා.