කුකුළන් කා කා මහත් වූ උකුස්සියට පියාඹන්නත් බැරි වෙලා - පුදුම සිදුවීමක් වර්ජිනියාවෙන්

Report

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වනජීවී මධ්‍යස්ථානයක් අසලදී සොයාගත් උකුස්සියකට පියාඹාගත නොහැකි වීමට හේතුව ඇසූ විට කාටත් සිනහ පහළ වනු නොඅනුමානය.

ඒ, ඇය අධික ලෙස කුකුළන් ආහාරයට ගැනීම නිසා පියාඹාගත නොහැකි තරමට තරබාරු වී සිටීමයි. රතු උරහිස් සහිත උකුස්සියක් (Red-shouldered Hawk) වන මෙම පක්ෂියා මධ්‍යස්ථානයට ආසන්න නිවසක රථගාලක සිටියදී සොයාගෙන තිබේ.

ඇයට පියාඹා යාමට නොහැකි වීම පිළිබඳව සැක සිතූ වනජීවී විශේෂඥයින් ඇය පරීක්ෂා කර ඇති අතර, අස්ථි බිඳීම්, ඊයම් විෂවීම, ඇස්වල ගැටලු, හිසට සිදුවූ අනතුරු සහ වෙනත් ශාරීරික තුවාල ඇත්දැයි සොයා බලා තිබේ.

කෙසේ වෙතත්, එවැනි කිසිදු ගැටලුවක් නොමැති බව තහවුරු වීමෙන් පසු සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇයගේ අධික ශරීර බර ඊට හේතුව බවයි.

මෙම උකුස්සියගේ බර ග්‍රෑම් 910කට අධික වී තිබූ අතර, ශරීරයේ තැන්පත් වී තිබූ අධික මේද තට්ටුව හේතුවෙන් ඇයගේ පපුවේ අස්ථිය පවා ස්පර්ශ කර හඳුනාගැනීමට නොහැකි වූ බව වනජීවී මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලිංගික අතවර බලහත්කාරකම් චෝදනාවට වරදකරු වේ - මෙන්න විස්තරේ

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලිංගික අතවර බලහත්කාරකම් චෝදනාවට වරදකරු වේ - මෙන්න විස්තරේ

වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඇය නිදහසේ සැරිසරන කුකුළන් දඩයම් කරමින් දිගින් දිගටම ආහාරයට ගෙන ඇති බවයි.

උදෑසන කුකුළන් නිදහස් කළ පසු ඉන් එකෙකු ගොදුරු කරගෙන ආහාරයට ගන්නා ඇය, ඒ අසල ගස්වලට වී නිදාගෙන නැවතත් කුසගිනි දැනෙන තුරු විවේක ගෙන තිබේ.

සති ගණනාවක් පුරා මෙම පුරුද්ද අඛණ්ඩව පවත්වාගෙන යාම ඇයගේ බර අධික ලෙස වැඩිවීමට හේතු වී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

මෙම අපූරු සිදුවීම පිළිබඳව සවුත්වෙස්ට් වර්ජිනියා වනජීවී මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හෙළි කිරීමත් සමඟ බොහෝ දෙනා එය හාස්‍යජනක සිදුවීමක් ලෙස ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය උකුස්සියගේ ජීවිතයටද තර්ජනයක් විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙයි.

පියාඹා යාමට හෝ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වීම හේතුවෙන් ඇය වෙනත් සතුන්ගේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක්ද පැවතිණි.

“ඊජිප්තුවේ කාන්තාවන් මිලියන 80ක් ඉද්දී ඉන්දියානු කාන්තාවක් තෝරාගත්තේ ඇයි?” - අබ්දුල්ගේ මාමා ඇසූ ප්‍රශ්නයට අපූරු පිළිතුරක්!

“ඊජිප්තුවේ කාන්තාවන් මිලියන 80ක් ඉද්දී ඉන්දියානු කාන්තාවක් තෝරාගත්තේ ඇයි?” - අබ්දුල්ගේ මාමා ඇසූ ප්‍රශ්නයට අපූරු පිළිතුරක්!