වියළි මිරිස් භාවිතා කරන අයට රතු එළියක්..සිදුවන දේ මෙන්න.
මෙරට වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 52,500 ක් වූවත්, ඉන් මෙට්‍රික් ටොන් 48,000 ක්ම පිටරටින් ආනයනය කරන බවත්, මෙලෙස ආනයනය කරන මිරිස්වල ඇෆ්ලටොක්සීන් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය තිබෙන බවට වාර්තා වී තිබෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙරට තහනම් කරන ලද පළිබෝධනාශක වර්ග පවා එම රටවල මිරිස් වගාවන්ට යොදන බවද ඔහු පැවසුවේය.
මෙරට වියළි මිරිස් අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය මිරිස් ප්‍රමාණය රට තුලම වගා කිරීමේ වැඩපිළිවෙළ මේ වසරේදී වඩා වේගවත් කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා පැවසීය.
නවීන තාක්ෂණය යොදාගෙන අක්කර භාගයක මිරිස් වගාවකින් රුපියල් ලක්ෂ ගණනක ආදායමක් උපයා ගත හැකි වනවා සේම ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ දිනවල මෙරට වෙළෙඳ පොළේ අලෙවි කරන ආනයනික ඇතැම් මිරිස්වල සැර ඉතා ඉහළ මට්ටමක පවතින බව පාරිභෝගික ජනතාව පවසයි.
ආනයනික වියළි මිරිස්වල මිනිස් සිරුරට අහිතකර දෑ පවතී දැයි යන්න පරීක්ෂා කර ඇත්දැයි කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර ගෙන් අප විමසීමක් කළෙමු.
“වියළි මිරිස් ආනයනය කිරීමේදී යම් යම් සම්මත තිබෙනවා. ඒවා පරීක්ෂා කෙරෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලවයි.
වියළි මිරිස්වල යම් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඊට අදාළ සාම්පල අප ආයතනයට ලබාදිය යුතුයි.
මොකද අප ආයතනයට බලයක් නෑ වෙළෙඳ පොළට ගිහින් වියළි මිරිස් සාම්පල ලබා ගැනීමට.
ඒ බලය තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පමණයි.
එවැනි ආකාරයෙන් සාම්පල පරීක්ෂා කිරීමට කාර්මික තාක්ෂණ ආයතනයට ලැබී නෑ."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
