පාසල් සිසුන් මතට පොළඹවන කූඨ උපක්‍රමයක් හෙළි වෙයි - බැලූ බැල්මට පිටින් පේන දේ නෙමෙයි ඇතුළේ තියෙන්නේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Drugs
By krishani
මේ දිනවල පාසල් සිසුන් මත්ද්‍රව්‍ය වලට යොමු කරගැනීමේ කූට උපක්‍රමයක් ගැන තොරතුරු වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ ඒ මත්ද්‍රව්‍ය අඩංගු සිගරැට්ටුවක් සහිත කාබන් පෑනක් මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් විසින් යොදා ගන්නා බවයි.
මෙය බැලූ බැල්මට පෑනක් ලෙස දිස් වේ.
නමුත් එය ගළවා බැලූ විට විට එහි තුළ ඇත්තේ මත් සිගරැට්ටුවක් ය.
එය මේ වන විට දරුවන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇති බව පොලිසිය කියා සිටියේ ය.
එමෙන්ම පසුගිය 04 වන දා මෙවැනි පෑනක් ගාල්ලට ආසන්න ප්‍රදේශයක උපකාරක පන්තියකින් හමු විය.
කෙසේ වෙතත්, ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යන බව පොලිසිය සඳහන් කළේ ය.
