කෝටි හතරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමු වෙයි - ඒත් සමගින් සැකකරුවෙකුත් පොලිස් දැලේ..

Sri Lanka Police STF Sri Lanka Sri Lanka Police Investigation Drugs
By krishani Jun 28, 2023 08:17 AM GMT
krishani

krishani

Report

රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා.

ඒත් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණින.

හතළිස් පස් හැවිරිදි සැකකරු බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ අයෙක් ය.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍යය කිලෝග්රෑම් 4 ග්‍රෑම් 4,හෙරොයින් ග්‍රෑම් 195 මිලිග්‍රෑම් 100 සොයාගත් බව පොලිසිය සඳහන් කළේ ය.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ ප්‍රධාන සැකකරුවන් සොයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇත.