සංචරණ සීමා සහ මත්ද්‍රවය ජාවාරම (VIDEO)

isolated ajith rohana weligama mirissa
By Sewvandhi Jun 14, 2021 01:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගතවු පැය 24 තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 32,593 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම ප්‍රදේශයේදී අද සොයා ගැනුණු හෙරොයින් කිලෝ 219යි ග්‍රෑම් 200ක තොගය ඉරාන සහ පාකිස්ථාන දේශ සීමාවේ සිට ඒවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ සමඟ සැකකරුවන් 11 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ජාවරම මෙහෙයවන ලද ප්‍රධාන පුද්ගලයා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ හෙරොයින් තොගය බහුදින යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඩිංගි යාත්‍රාවකට පටවා පොල්අතුමෝදර වෙරළ තීරයේදී ගොඩබිමට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවටයි කරුණු අනාවරණය වුණේ.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමේදී ගෑස් සිලින්ඩර සහ ගෝනි වල සූක්ෂම ලෙස සඟවා තිබු මෙම හෙරොයින් තොගය සොයා ගත්තා.

මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now