ඖෂධ හිඟය උග්‍ර අතට. - හිඟයට එරෙහිව වෛද්‍යවරු කළු විරෝධතා සතියකට සැරසෙයි. (VIDEO)

Keheliya Rambukwella Sri Lanka Economic Crisis GMOA Sri Lanka
By Wayomi Jan 19, 2023 10:59 AM GMT
Wayomi

Wayomi

Report

දිවයිනේ බොහෝ රෝහල්වල රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඇතැම් ග්‍රාමීය හා පර්යන්ත රෝහල්වල ඖෂධ නොමැති වීමෙන් ජනතාව අසීරුතාවයට පත්ව ඇති බවය එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පවසන්නේ.

ඔවුන්ට සායන හා බාහිර රෝගී අංශවලින් ලබාගත යුතු ඖෂධ වැඩි ප්‍රමාණයක් බාහිරින් මිලදී ගැනීමට සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ, ඇතැම් ස්ථානවල ඖෂධ ඇති බවත් ඒවා අඩු ස්ථානවලට යැවීමට පියවර ගන්නා බවයි.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW