මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් වෙනත් රටක දී අත්අඩංගුවට

drugs kerla dealers thamilnadu angamali
By Sewvandhi Jul 03, 2021 09:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අංගමාලි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අපරාධ රැසකට ද සම්බන්ධ පුද්ගලයින් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම එම ශ්‍රී ලාංකිකයින් ව්‍යාජ හැඳුනුම්පත් යොදා ගනිමින් ඉන්දියාවේ අංගමාලි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවද අනාවරණය වී තිබේ.

තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති එම ශ්‍රී ලාංකිකයින් තිදෙනා මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha