කට්ටි පනිමින් සිටි "සෝබා" පොලිස් දැලට මාට්ටු...

katunayake STF soba udayanga fake money
By Sewvandhi Jul 27, 2021 02:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) සිදුකළ මෙහෙයුමකදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 41ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උදයංග නොහොත් 'සෝබා' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

සැකකරු සමඟ ඔහු ගමන්ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගත් පුද්ගලයෙකු කටුනායක පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහු සතුව තිබූ ගමන් මල්ලක් තුල තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අදාල සැකකරු කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ලබාදුන් රුපියල් දහසේ නෝට්ටුවක් සම්බන්ධයෙන් සැක සිතී ඒ සම්බන්ධයන් වෙළඳසැලේ හිමිකරු පොලිසියට දැනුම් දී තිබෙනවා.

වෙළඳසැලේ හිමිකරු කළ දැනුම් දීමට අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha