රියදුරු බලපත්‍ර ලක්ෂ 08කට සිදු වූ දේ..
Sri Lanka
Driving Licence
By krishani
රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදු වූයේ එම තත්ත්වය මත වේ.
එයට ප්‍රධාන හේතුව වන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීමයි.
මේ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 08 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකිව තිබෙනවා.