රට පුරා පවතින පාසල් වර්ගීකරණයක් සම්බන්ධයෙන් ගන්න යන තීරණය මෙන්න..
ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමට නියමිත අතර එහි මූලික අරමුණ වන්නේ එම පාසල්වල ගුණාත්මක තත්ත්වය අනාවරණය කර ගැනීමයි.
ඒවායේ විෂය මාලාවන්, ගුරුවරුන්ගේ සුදුසුකම් ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සම්බන්ධයෙන් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර එම පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ ඒ ඒ පාසල් ගන්නා ලකුණු ප්‍රමාණය අනුව බවයි පැවසෙන්නේ.
එම ලකුණු ප්‍රමාණයන් අනුව ඒවායේ ගුණාත්මක තත්ත්වය හඳුනා ගැනීමට හැකිවන බව ජතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති පද්මිණී රණවීර ‘ප්‍රධාන පුවත්පතකට’ ප්‍රකාශ කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය 2015 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකට අනුව ජාත්‍යන්තර පාසල් 391 ක් තිබෙන බවට හඳුනාගෙන ඇති අතර මෙම පාසල් කිසිවක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි නොමැති හෙයින් ඊට අදාළව කිසිදු ආකාරයක නියාමනයක් කිරීමට ද අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවයි පැවසෙන්නේ.
එහෙත් සමාගම් පනත හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ව්‍යාපාරික ආයතන ලෙස ලියාපදිංචි වන මෙම පාසල්වල පවතින භෞතික පහසුකම්වල අඩුපාඩු, ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීම් ක්‍රම පිළිබඳ ගැටලු, ගාස්තු අය කිරීමේ ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට මහජනයා පැමිණිලි කර ඇත.
එමෙන්ම ගුරුවරුන් නිසි පරිදි ඉගැන්වීම් නොකිරීම, වරින්වර ගුරුවරුන් මාරු කිරීම, සුදුසුකම් නොලත් ගුරවරුන් ඉගැන්වීම, විෂය නිර්දේශ ආවරණය නොකිරීම, අසාධාරණ ලෙස ගාස්තු අය කිරීම, ළමා මානසික තත්ත්වය තේරුම් නොගත් ඉගැන්වීම් ක්‍රම භාවිත කිරීම පමණක් නොව දරුවන්ට වූ ලිංගික අපයෝජන පිළිබඳවද දෙමාපියන් අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකද සඳහන් වන්නේ, අපයෝජන වැනි පැමිණිලිවලට අදාළව දෙමව්පියන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම අපේක්ෂා කර ඇතත් එය අවම මට්ටමක පැවැතී ඇති බවයි.
මෙම සියලු විමසීම්වලදී අධ්‍යාපන අමාත්‍යාංශය තමන්ගේ මැදිහත්වීමක් නොමැති බවට ඒ ඒ ආයතනවලට පිළිතුරු ලෙස දුන්නද මෙම නියාමන කාර්යය අධ්‍යාපන අමාත්‍යාංශය සතු විය යුතු බව පිළිගත යුතු කරුණක් බවයි, එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.