නොදැන ශුක්‍රාණු දායාද කෙරූ පුද්ගලයෙක් නිසා දරුවන් 200ක් අනතුරේ -ළමුන් 23කුට පිළිකා

Report

 ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව ශුක්‍රාණු දායකයෙක්ගෙන් ශුක්‍රාණු ලබාගෙන උපන්න දරුවන් 197 දෙනෙක්ට විතර TP53 කියලා හරිම භයානක ජාන විකෘතියක් සම්ප්‍රේෂණය වෙලා කියලා දැන් හොයාගෙන තියෙනවා.

මේක කොච්චර දරුණුද කියනවා නම්, මේ දරුවන්ට වයස අවුරුදු 60 වෙන්න කලින් පිළිකාවක් හැදෙන්න තියෙන චාන්ස් එක 90%ක් විතර වැඩියිලු.

මේ තත්ත්වයට කියන්නේ Li-Fraumeni syndrome තත්ත්වය කියලා. මේ දායකයා මේක දැනගෙන කරපු දෙයක් නෙවෙයි.ඔහු කැම්පස් යන ශිෂ්‍යයෙක්.

ඒ කාලේ ඉඳන්, ඒ කියන්නේ 2005 ඉඳන් අවුරුදු 17ක් තිස්සේ යුරෝපීය ශුක්‍රාණු බැංකුවට ශුක්‍රාණු පරිත්‍යාග කරලා. හැබැයි ඔහුගේ ශුක්‍රාණුවලින් 20%කම මේ භයානක විකෘතිය තිබිලා කියලා තමයි ආරංචි වෙන්නේ.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

නමුත් ඔහු ඒ කාලේ තිබ්බ හැම මෙඩිකල් ටෙස්ට් එකක්ම පාස් වෙලා තියෙනවා. ඉතින් බැංකුවත් බය නැතුව රටවල් 14ක සායන 67කට මේවා යවලා. මේක බැංකුවේ ලොකු අතපසුවීමක් (Institutional failure) කියලයි දැන් මාධ්‍යවලින් අනාවරණය කරලා තියෙන්නේ.

මේ ගැන කරපු ලොකු පරීක්ෂණයකින් හොයාගත්තු ළමයි 67 දෙනෙක්ගෙන් 23 දෙනෙක්ටම මේ විකෘතිය තියෙනවා කියලා දැන් ඔප්පු වෙලා. ඒකෙනුත් 10 දෙනෙක්ට දැනටමත් පිළිකා හැදිලලු. අවාසනාව කියන්නේ, මේ විකෘතිය නිසා සමහර පුංචි දරුවෝ දැනටමත් මෙලොව දාලා ගිහින් කියලත් සඳහන්.

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න