නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ ITAK නායකයින් අතර විශේෂ හමුවක්

Report

නෝර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රියාස් ක්‍රාවික් මහතා Andreas Kravik සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි හී ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

 එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා මෙම සාකච්ඡාව සඳහා සහභාගි  වී තිබේ.  

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා විසින් සිය 'X'ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.

  මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය අර්ථවත් දේශපාලන විසඳුම් සහ වත්මන් දේශපාලන වර්ධනයන් පිළිබඳව දෙපාර්ශ්වය අතර කරුණු කිහිපයක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එහිදී ඔවු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

 තවද මෙහිදී රාසමානික්කම් මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා වර්ධනය කර ගැනීමට මෙරට නෝර්වේ තානාපති May-Elin Stener මහත්මිය දක්වන දායකත්වය ද සිහිපත් කර   තිබේ.

අස්වැසුම ගැන ආරංචියක්

අස්වැසුම ගැන ආරංචියක්