සිමෙන්ති ලොරියක් පෙරලී අනතුරක් - සිමෙන්ති කොට්ට සීසීකඩ

Report

මත්තේගොඩ සිට හෝමාගම දක්වා සිමෙන්ති කොට්ට හයසියයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් කොට්ටාව වටරවුමෙන් හැරවීමට යාමේදී එක්වරම බිම පෙරළී අද (03) අනතුරක් සිදුව ඇති බව කොට්ටාව පොලිසිය සදහන් කරයි .

මෙම අනතුරින් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.

නමුත් ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ සිමෙන්තිි කොට්ට 600 මාර්ගය මැද වැටී දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත.

දරුණු බස් අනතුරක් - 10කට තුවාල

දරුණු බස් අනතුරක් - 10කට තුවාල

 මෙම අනතුරත් සමඟ කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ද සොයිසා මහතාගේ උපදෙස් මත නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මාර්ගය මැද පෙරළී තිබූ සිමෙන්ති කොට ඉවත්කොට මාර්ගය පිරිසිදු කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම ලොරි රථය මත්තේගොඩ දෙස සිට හෝමාගම දෙසට ධාවනය කරමින් තිබියදී කොට්ටාව මංසන්දියේ වට රවුමෙන් හෝමාගම දෙසට අපරීක්ෂාකාරී ලෙස හැරවීමට යාමේදී එක් වරම ලොරි රථය මෙසේ මාර්ගය මැද පෙරළි අනතුර සිදුව තිබූ බව පොලිසිය සදහන් කර තිබේ