ගෑස් ගබඩාව සතියකට පමණයි – අර්බුදයට හේතුව මෙන්න
රට තුළ එකවර ගෑස් ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ගෑස් හිඟයක් ඇති වී ඇති අතර, එය ගබඩා ධාරිතාවයේ සීමාවන් නිසා ඇති වූ අර්බුදයකි.
අද (03) පාර්ලිමේන්තුවේදී ගෑස් හිඟය පිළිබඳව කතා කරමින් ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය:
“අපේ ගෑස් ගබඩා ධාරිතාවය මෙට්‍රික් ටොන් 8,000ක් පමණයි. ලිට්‍රෝ සමාගම දිනකට සපයන්නේ මෙට්‍රික් ටොන් 1,000–1,200 අතර ප්‍රමාණයක්. එනම් උපරිමයෙන් සතියකට ගෑස් ගබඩා කළ හැකියි. ඒ නිසා දවස් දෙක ඇර දවස් දෙකක් ඇර වරායට නැව් ගෙන්වාගෙන යනවා. මේක තමයි තත්ත්වය.
” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ: එකවර ඉල්ලුම මෙට්‍රික් ටොන් 1,800 දක්වා ඉහළ ගියහොත් දින 5කටත් අඩු කාලයකින් ගබඩා හිස් විය හැකි බවයි.
මේ අර්බුදයට විසඳුම් සකස් කරමින් පවතින බවයි. මාර්තු 12 වනදා අලුත් ගෑස් සිලින්ඩර 100,000ක් රැගත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
ලිට්‍රෝ සමාගම අලුත් සිලින්ඩර ලක්ෂයක් ඇණවුම් කර ඇති අතර, සිලින්ඩර හිඟය නිසා කහ පාට සිලින්ඩර නිල් පාට ඒවාට මාරු කිරීමේ ගැටලුවක් තිබූ බවයි.
මේ වන විට මාලදිවයිනේ නැවක් නතර කරගෙන ඇති අතර, එම නැවෙන් කුඩා නැව් හරහා ගෑස් ගෙන්වාගෙන බවයි. ජනාධිපතිවරයා මෙසේද අවධාරණය කළේය: “ගෑස් හිඟයි කියලා කෑ ගැහුවා.
නමුත් මේක තේරුම් ගන්න ඕනේ. ගබඩා ධාරිතාවයේ සීමාවක් තියෙනවා. ඒක වෙනස් කරන්න ඕනේ. ඉදිරියේදී ගෑස් හෝ තෙල් අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩ ඉතා අඩුයි.