අසභ්‍ය ච්ත්‍රපට නිළියක් නිසා ට්‍රම්ප්ට සිදුවෙන්නට යන බයානක දේ මෙන්න..
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ළඟදීම අත්අඩංගුවට ගනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තාකර තිබෙනවා.
ඒ, ඔහුට එල්ලවූ නවතම අපරාධ චෝදනා හේතුවෙන්.
අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහුට එල්ලවී ඇති චෝදනා වන්නේ අසභ්‍ය චිත්‍රපට නිලියක් වෙනුවෙන් මුදල් වැය කිරීමයි.
ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල වුවද ට්‍රම්ප් එය දක්වා ඇත්තේ ව්‍යාපාරික වියදමක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම නිව්යෝර්ක්හි නීති විරෝධී කටයුත්තක්.
මෙම අසභ්‍ය චිත්‍රපට නිළියට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 30,000 ක්. ඔහු මෙම මුදල ගෙවා ඇත්තේ 2016 ජනාධිපතිවරණයට පෙරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ඔහුගේ කීර්ති නාමයට කැළැලක් වන ආකාරයට ක්‍රියා කළ, මෙම නිළියට මුදල් දී නිහඬ කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
ඒ අනුව 76 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප්, අපරාධ චෝදනා එල්ල වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වනු ඇති.
එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ට්‍රම්ප් පාර්ශවය පවසන්නේ මෙය 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර එල්ල කළ අභූත චෝදනාවක් බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
