පොලිසියෙන් අනතුරු ඇඟවීමක්....

By Hashini May 13, 2025 03:01 AM GMT
Report

පොලීසිය අනතුරු හඟවා තිබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳවයි.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වංචා සහගත ජාවාරම්වලින් පළ කර ඇති ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

ඔබගේ දත්ත හෝ එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ලෙස එම ඡායාරූප සමඟ පොලීසිය සඳහන් කර තිබෙනවා.

පොලිසියෙන් අනතුරු ඇඟවීමක්.... | A Warning From The Police

එහිදී ඔවුන් සත්‍යාපනය නොකළ වෙබ් අඩවි හෝ ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප්වලට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසද දන්වා තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මෙවැනි වංචාවලට හසුවීමෙන් පුද්ගලික දත්ත අහිමිවීම හෝ මුදල් වංචාවලට හසුවීම සිදුවිය හැකි බවයි.

මහජනතාවට උපදෙස් දී ඇත්තේ මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙසයි. 

යලිත් ලුණු හිඟයක් ඇති වෙයිද ?

යලිත් ලුණු හිඟයක් ඇති වෙයිද ?