අදත් ඩොලරය පහත වැටෙයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න..

Dollar to Sri Lankan Rupee
By Aruna Mar 22, 2023 05:48 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව පහත වැටී තිබෙනවා.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 315ක් ලෙස සටහන් වුවා.

අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 311.69ක් ලෙස සටහන්වූ අතර ඩොලරයේ විකිණුම් මිල රු.330ක් ලෙස සටහන්ව තිබුණා.

හැටන් නැෂනල් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රු. 310ක් සහ විකුණුම් මිල රු. 330ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දිනයේදී රු. 308.70ක් වූ අතර එහි විකිණුම් මිල රු.330.92ක් ලෙස සටහන්ව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.