මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත කියයි
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි .දොලවත්ත මහතා ප්‍රකාශ කරයි.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය (22) උදෑසන 10.20ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ කාමරය තුළදී ඝාතනයට ලක් වීම පිළිබද තවමත් සමාජයේ බහක් පවතී.
එවගේම මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය මුල් කරගනිමින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා සඳහන් කරයි.