රට පුරා රජයේ වෛද්‍යවරු අද කරන්න යන දේ මෙන්න..රෝගීන් දැඩි අනතුරක.

Sri Lanka Healthy ministry Gmoa Doctors picketing
By Aruna Dec 20, 2021 11:35 PM GMT
Aruna

Aruna

Report

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් අද (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අ උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වර්ජන ක්‍රියාමාර්ගය හෙළා දකිනු ලැබුවා.

මේ අතර, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ද උසස්වීම්, වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් හෙට(22) දකුණු පළාතේ සහ 23 වන දා සබරගමුව පළාතේ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඊට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු ක්ෂේත්‍ර 16ක වෘත්තීයවේදීන් එක්වන බවයි එම සම්මේලනය ප්‍රකාශ කළේ. එමෙන්ම, උතුරුමැද පළාත් ආයුර්වේද රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වන විට සතියකට වැඩි කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වී සිටින්නේ කොරෝනා දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් එය මේ දක්වා ඉටු නො වීම හේතුවෙන් අනුරාධපුර ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණි ඔවුන් ඊයේ සාකච්ඡාවක නිරත වුවත් එය අසාර්ථකවීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුවුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now