වෛද්‍යවරියට ලිංගික අතවර කළ සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

By R.rishma Mar 12, 2025 02:02 AM GMT
Report

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිද්ධියට විරෝධතාවට පළකරමිනි.

ඒ අනුව අද උදෑසන 08 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

හිටපු හමුදා නිලධාරියෙකු විසින් වෛද්‍යවරිය අපයෝජනයට ලක් කරයි (Video)

හිටපු හමුදා නිලධාරියෙකු විසින් වෛද්‍යවරිය අපයෝජනයට ලක් කරයි (Video)

එම සංගමය පැවසුවේ වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.

එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල ක්‍රියාත්මක නොකිරීමටත් එම සංගමය තීරණය කර ඇත.