ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූ වෛද්‍යවරයා කොවිඩ් වාට්ටුවකට මාරු කෙරේ (VIDEO)

covid19 galle covid deaths karapitiya hospital udara sampath
By Sewvandhi Aug 20, 2021 02:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රටේ හැමතැනම මිනිසුන් මිය යන බවත් කාගේ හෝ ඊට අවධානයක් නැති බවත් පවසමින් කරාපිටිය රෝහලේ වෛද්‍ය වරයෙකු පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වීය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිත මරණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් සංවේදී සිදුවීමක් මාධ්‍යයට කියා සිටියේය. මේ ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍යවරයා,

"කරාපිටිය රෝහලේ පාන්දර පුද්ගලයෙක් රෝද පුටුවක අයිතිකාරයෙක් නැතුව පැය භාගයක් හති හලලා මැරෙනවා. කවුරුවත් ළංවෙන්නේ නෑ හොයලා බලන්න. ඒ් නිසා මේ විදියට රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා. ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ. ඔත්තු සේවය දාලා හොයලා බලන්න. වෛද්‍යවරු බයේ හැංගිලා ඉන්නවා මේක ෆොන් එකකින්වත් ගහලා දාන්නේ නෑ. ඒ් නිසා තව දුරටත් කට වහගෙන ඉන්න බෑ. මගේ වෛද්‍ය වෘත්තියවත් අනිත් ඒවාවත් මට වැඩක් නෑ. අද උදේ මං මෝචරිය ගාවින් යනකොට හැමදාම මිනිස්සු මැරෙනවා. මැරි මැරි වලලනවා. මේක පේන්නේ නැද්ද ? මම කතා කරන්නේ දත්ත එක්ක. වහාම අපේ රටේ මිනිස්සු මැරෙන එක නවත්වන්න."

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ, දිනකට 20ක් වගේ ජාතික රෝහලේ ද මියයන බවය.

"කළුබෝවිල, කරාපිටිය, රාගම, රත්නපුර ගත්තත් මිනිස්සු විශාල වශයෙන් මියයනවා. මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ. ඇඳන් යට, පැඳුරුවල, පුටුවල වාඩි වෙලා ඉන්න තත්ත්වයකට පත්වෙලා." මේ අතර

ඒ අනුව ඔහු ගේ සේවය ඇගයීමට ලක් කරමින් රෝහල් අධ්‍යක්ෂ වරයා එම වෛද්‍ය වරයාව කොවිඩ් වාට්ටුව්කට අනුයුක්ත කර ඇත.

එම ලිපිය පහතින්....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery