දරු ප්‍රසූතියට ගිය ගැබිනි දොස්තර සිදු කළ දේ

Kurunagala Docter polpithigama hospital sri anka
By Sithumi Jun 26, 2021 11:28 AM GMT
Sithumi

Sithumi

Report

දරුවකු ප්‍රසූත කිරීම සඳහා පොල්පිතිගම මූලික රෝහල වෙත සිය සැමියා සමඟ පැමිණි ගැබිනි මාතාවකට බැණ තර්ජනය කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් එම සැමියා විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට හා පොල්පිතිගම ප්‍රාදේශීය සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිකර තිබේ.

‘‘තමුසෙට කියන සිංහල තේරෙන්නෙ නැද්ද? දැන් ගිහින් ආපසු උදේ එනවා. දැන් හිටියොත් කුරුණෑගල යවනවා. නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා බල බල ඉන්න’’ යනුවෙන් සිය බිරිඳ බියවද්දමින් තර්ජනය කළ බව එම සැමියා ලිපිය මගින් දැනුම් දී තිබේ.

වෛද්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ තම ගැබිනි බිරිඳ දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, පසුව රෝහලේ මොහොතක්වත් රැඳී නොසිට ඇයව තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සිය පැමිණිල්ල මගින් දැනුම් දී ඇත.