මේවා දැනගෙන ද බිත්තර කන්නේ?

Google Healthy Food Recipes World Egg Sinhala news
By Kaushi May 30, 2025 05:53 PM GMT
Kaushi

Kaushi

Report

බිත්තර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය කන්න කැමතිම කෑමක්නේ.

ඒ නිසා දවසේ එක කෑමවේලකට හරි බිත්තරයක් එකතු කරගන්න මිනිස්සු උනන්දුයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

මේ උනන්දුව බිත්තරවලට තියෙන්නේ රස නිසා විතරක්ම නෙවෙයි බිත්තරවල තියෙන ගුණයත් මේකට හේතුවක්.

ඒ ගුණය නිසාම ඇතැම් වෙලාවට අපට දැක ගන්න ලැබෙන දෙයක් තමයි බිත්තර වැඩි වශයෙන් කෑමට ගැනීම.

සමහරු දැන ගෙන කෑවත් බොහෝ දෙනා බිත්තර කන්නේ නිසි අවබෝධ්‍යකින් තොරව.

ඒ නිසා ගොඩක් නෙවෙයි දවසට බිත්තරේ ගානේ කෑවත් ප්‍රතිඵලේ මොනවගේ ද කියලා දැනුවත් වීම වටිනවා.

මුලින්ම බිත්තරවල තියෙන්නේ මොනවද ඇහුවොත් දෙන්න තිබෙන පිළිතුර තමයි බිත්තරවල ඉහළම ගුණාත්මක ප්‍රෝටීන සහ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවයම තියනවා කියන කාරණය.

ඒකේ තේරුම තමයි වඩා හොඳ මාංශ පේශී, වඩා හොඳ ප්‍රකෘතිවීමක් සහ වැඩි ශක්තියක් අවශ්‍ය නම් බිත්තර කියන්නේ හොඳම ආහාරයක්.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

මේ විදිහට හැමදාම බිත්තර කෑවොත් ලැබෙන වාසි රැසක් තිබෙනවා.

ඒ අතර,බර අඩුවීම

බිත්තරයක් කියන්නේ මේදය සහ ප්‍රෝටීන එකතුවක් තිබෙන ආහාරයක්.

ඒ නිසා ඔබ දිනපතා බිත්තර පරිභෝජනය කරන විට ඉන් ඔබේ කුස දිගු වේලාවක් පුරවා තබනවා.

ඒ හරහා ශරීරයේ බර අඩු වීමට එය උපකාරී වෙනවා.

ප්‍රතිශක්තියකරණය වැඩි වීම

බිත්තරයක් බොහෝ විට අපිට සුළු මුදලකට මිලදී ගන්න පුළුවන්.

ඒ වගේම තමයි එය ආහාරයක් ලෙස සැකසීමත් පහසුයි.

බිත්තරයක් ආහාරයට ගැනීමෙන් දවස ආරම්භ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ලැබෙනවා.

විටමින් D ප්‍රධාන වශයෙන් ම බිත්තර කහමදය තුළ අඩංගු වෙනවා.

ඒ වගේම මෙයට සෙම්ප්‍රතාශ්‍යාව සහ උණ රෝගවලින් ඉක්මන් සුවය ළඟා කර දීමටත් ගැනීමට හැකි බව පවසනවා.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණයක් ගොඩ නැගීමට බිත්තරවල අඩංගු වන විවිධ ඛනිජ ලවණ සහ විටමින් හේතු වෙනවා.

මොළයේ සෞඛ්‍ය වැඩි වීම බිත්තරයක් ආහාරයට ගැනීම තුළින් ඔබගේ පරිකල්පන ශක්තිය වැඩි කර ගත හැකි වෙනවා.

ඒ වගේම එය මතක ශක්තිය වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා.

මේ සඳහා බිත්තරවල අඩංගු B12 B6 කෝලින් සහ ෆෝලෙට් වගේ මතක ශක්තිය වඩවන පෝෂ්‍ය පදාර්ථ හේතු වෙනවා.

ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් කාන්තාවකගේ දෛනික නිර්දේශිත කෝලීන් අගයෙන් සියයට 26 ක් බිත්තරයක අඩංගු වන බවද සඳහන්.

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය බිත්තරවල තිබෙන විශේෂ ගුණයක් විදිහට සිරුරට හිතකර නොවන කොලෙස්ටරෝල් පාලනය කිරීමත් සිරුරට හිතකර කොලෙස්ටරෝල් නිපදවීමත් දක්වන්න පුළුවන්.

ඊට අමතරව බිත්තර ආහාරයට ගැනීමෙන් හදවත් රෝග ද අවම වෙන බව කියනවා.

සෞඛ්‍ය සම්පන්න සමක් ලබා දෙයි

ශරීරයේ සම යනු සෞඛ්‍යයට ඉතාම වැදගත් අංගයක්.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

ඒ සම පෝෂණය කිරීමට අවශ්‍ය පෝෂණ ගුණය බිත්තරවල බහුලයි බව වාර්තා වෙනවා.

සමේ නීරෝගීභාවය පවත්වා ගැනීමට දිනපතා බිත්තරයක් අනුභව කිරීම උපකාර වෙන්නේ ඒ නිසයි.

මේ හැමදේටම අමතරව බිත්තරවලින් අපිට විවිධාකාර ආහාර සාදා ගන්න පුළුවන්.

ඉතින් බිත්තර කනවා කිඅන්නෙත් එක්තරා කලාවක්. 

ReeCha