දියවන්නා ඔයේ සිදු වූ අනතුර - පුද්ගලයෙක් අතුරුදන්..

Sri Lanka Police Accident
By krishani Jan 27, 2023 01:39 AM GMT
krishani

krishani

Report

ජපන් මිත්‍රත්ව පාලම අසල දියසර උයන අධිආරක්ෂිත කලාපයේ දියවන්නා ඔයේ හොර රහසේ මසුන් ඇල්ලීමට ගිය බෝට්ටුවක් පෙරලී තරුණයෙකු අතුරුදන්ව ඇත.

ඊයේ (26) දින අළුයම 1.30 ට පමණ රාජගිරිය මට්ටක්කුලිය හා වැලිකඩ යන ප්‍රදේශවල පුද්ගලයින් 06 දෙනෙකු මසුන් ඇල්ලීමට දියසර උයන වෙත ගොස් ඇත.

ඉන් දෙදෙනෙකු බෝට්ටුවකින් ආරක්ෂිත දැලින් ඇතුල් වී ගමන් කිරීමේදී එම බෝට්ටුව පෙරලී ගොස් ඇත.

එහි ගමන් කළ එක් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති අතර අනෙක් පුද්ගලයා පිහිනා ගොඩබිමට පැමිණිමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔවුන් සමඟ පැමිණි පිරිස අතරින් තවත් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිඳුම්කරුවන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha