තව පැය කිහිපයකින් පරණ පර්ලිමෙන්ර්තුවට අවසන්. - නව අගමැතිනි හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්.
Parliament of Sri Lanka
Harini Amarasuriya
By Wayomi
අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ,ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය අද දුවුරුම් දීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස කීර්තිමත් ශාස්ත්‍රීය, අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබෙනවා.
අධ්‍යාපනය සහ සමාජ සාධාරණත්වය සම්බන්ධයෙන් ඇයගේ සේවය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අමරසූරියගේ පත්වීම ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
