සඳුදා ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළේ නඩත්තු කටයුතු හේතුවෙන් එළඹෙන ජූලි 07 වැනිදා පෙරවරු 8:30 සිට පස්වරු 8:30 දක්වා පැය 12ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතය.

මේ හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අක්‍රිය වන බව දැනුම් දී ඇත.

මෙම තත්ත්වය යටතේ, පැලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සිදුව යන නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ලැබේ.

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

එසේම, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇතැම් කොටස්වලටත් ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇත.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්