කතානායක ජගත් වික්‍රමරත්නට දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිලි
නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායකයෙකු වන මහරගම නගර සභාවේ මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා මහතා පවසන්නේ, වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපල සහ වාහන නීති විරෝධීව භාවිතා කරන බවයි.
ඔහු සහ පිරිසක් අද (ජූලි 4) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් භාර දී තිබේ.
ඒ අනුව කතානායකවරයා නිල වශයෙන්ම නිල නිවසක් ලබා ඇති අතරත්, තවත් නිවසක් – කොළඹ 04, ලොරිස් පටුමග පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතු 8/1 දරණ නිවසක්ද 2025 ජනවාරි සිට භාවිතා කරන බව පැමිණිල්ලෙහි සදහන් වේ.
එසේ නිවාස දෙකක් භාවිතය නීතිවිරෝධී බවත්, එය රාජ්‍ය දේපලවල අවභාවිතාවක් සහ 2023 දූෂණ විරෝධි පනත යටතේ වරදක් බවත් පැමිණිල්ලේ සඳහන්ය.
එමෙන්ම, පාර්ලිමේන්තු නියෝග අනුව කතානායකට වාහන 2ක් සහ ලීටර් 900ක ඉන්ධන විශිෂ්ටතාවක් පමණක් හිමිවූවත්, වත්මන් කතානායකවරයා වාහන 3ක් භාවිත කරන බවත් සඳහන් වේ:
වෑන් – NC 4923
කාර් – CAN 8753
කාර් – CBI 5198
[
ඔහුගේ පෞද්ගලික ලේකම්ටද නිල නිවසේ නවාතැන් පහසුකම් හා පාර්ලිමේන්තු වියදමින් ආහාර සැපයීම සිදුකරන බවත්, එවැනි දේවල්ද නීතිවිරෝධී බවත් පැමිණිල්ලේ දැක්වේ.
මෙම සිදුවීම් පිළිබඳව සත්‍ය පරීක්ෂණයක් සිදුකරන ලෙස නව ජනතා පෙරමුණ අල්ලස් කොමිසමෙන් ඉල්ලී තිබේ.
