ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට [VIDEO]
By R.rishma
හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන් අනතුරක් සිදුවී ඇත.
මෙම අනතුර අද (04) දහවල් 11:30ට පමණ සිදුවී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වහාම ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.
මෙම අනතුර හේතුවෙන් හලාවත - පුත්තලම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.