එජාපය සහ පොහොට්ටුව එක්වෙයි.? - හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්.
            
                
                By Wayomi
            
            
                
                
            
        
    එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුවයි.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඉදිරි මහමැතිවරණය නොබෝ දිනයකින් පැවැත්වෙන බැවින් ඊට අදාළ බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන ලෙසයි.
මේ අතර ප්‍රබල පක්ෂයක් වශයෙන් නැගී සිටිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔහු දේශපාලන බලමණ්ඩලය වෙත පවසා ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට කටයුතු අවශ්‍ය කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.