අද සිට අලුත් අමෙරිකානු තීරුබදු – රටෙන් රටට වෙනස් අනුපාත
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ, ජූලි 9 වැනිදා තීරුබදු විරාමය අවසන් වීමට පෙර, ඔහුගේ පරිපාලනය විසින් විවිධ රටවලට අදාළ වන තීරුබදු අනුපාත පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපි යැවීමේ කටයුතු සිදු කරන බවයි.
ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ, අද, එනම් ජූලි 4 වැනිදා සිට, මෙම ලිපි යැවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.
එසේම, පසුගිය බදාදා දින වියට්නාමය සමඟ අත්සන් කරන ලද වෙළඳ ගිවිසුමට අමතරව, තවත් වෙළඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා විසින් සඳහන් කර ඇත.