පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි. - ජනාධිපතිවරණයද ? මහ මැතිවරණයද? - රජයෙන් බලය ඉල්ලන උදයංග ගේ හෙළිදරව්ව මෙන්න.-(VIDEO)
ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත්, ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.
එමෙන්ම අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා බවද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ එකඟත්වයට පැමිණ අවසන් බවත්, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවත් කියා සිටිනවා.
මේ අතර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයක නිරත වෙමින් උදයංග වීරතුංග සඳහන් කර තිබුනා.