හෙට තීරණාත්මක දෙයක් වෙන්නයි යන්නේ?. හෙටින් පස්සේ..

Report

පසුගිය දිනවල වර්ජනය සිදු කළ ග්‍රාම නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (01) පැවැත්වීමට නියමිතය.

හෙට තීරණාත්මක දෙයක් වෙන්නයි යන්නේ?. හෙටින් පස්සේ.. | Discussion Village Officials And Govt 01St July

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

පසුගිය දිනවල ග්‍රාම නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත විය.

එවන් පසුබිමක හෙට දිනයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, හෙට එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් එළඹෙන දෙවන දා සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ ය.