රජයේ ආයතනයකට තවත් ලොක්කෙක්
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම තනතුර මේ වන විට පුරප්පාඩුවක් සහිතව තිබියදී, පූර්ණ කාලීන පදනම මත සේවය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනියක් වන දිල්කි වත්සලා මාරඹගේ මහත්මිය මෙම තනතුරට පත් කිරීමට යෝජනා කරන ලදී.
අදාළ යෝජනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරනු ලැබී ඇත.
මෙම පත්කිරීම කාර්මික අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ නවෝත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල කළමනාකරණය හා ප්‍රවර්ධන වැඩ පිළිවෙත ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත.