“වෙනිවැල්ගැට තම්බලා නාපු නිසයි මම මෙච්චර සුදු ” – දිලූෂි හංසිකා. (PHOTOS)
පසුගිය දිනවල ටීවී දෙරෙන ඔස්සේ විකාශනය වුනු ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍ය අතරට පැමිණි ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘ධරණී’ කියන්නේ. සමාජයෙන් වගේම පවුලේ අයගෙන් සිදුවන කරදර දරාගෙන ජීවන ගමන ගෙනයන දරුවන් දෙදෙනා සමග තනිවුන සුන්දර රුවක් සහිත තරුණ මවක වටා ගෙතෙන මේ ටෙලිනාට්‍ය ලංකාවේ නොබලපු කෙනෙක් නෑ.
ත්‍රාසය, කුතුහලය, ආදරය කියන සියල්ලම අඩංගු නිසා මේ ටෙලිනාට්‍ය සිනමා පටයක් වගේ ගොඩක් ආකර්ශනීය වුනා.ඉතින් මේ ‘ධරණී’ ටෙලිනාට්‍යයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි ‘විනුලි’ කියන්නේ ඇයත් ධරණී වගේම චන්ඩි රැජිනක්, ඉතින් මේ විනුලි කියන චරිතයට පන පොවන්නේ දිලූෂි හංසිකා විසින්. දිලූෂිගේ අප්පච්චි ව්‍යාපාරිකයෙක්.
අම්මා ගෘහණියක්. ඒ වගේම ඇය අධාපනය හදාරලා තියෙන්නේ දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන්. ඒ වගේම ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂ උපාධිය හදාරන. 2020 දෙරණ අවුරුදු කුමරිය තරඟයෙන් දෙවන ස්ථානය දිනාගන්නෙත් දිලූෂි විසින් ඉන්පසුව පැවැත්වුන තිර පරීක්ෂණයෙන් පස්සේ තමයි දිලූෂි මේ ටෙලිනාට්‍යට සම්බන්ද වෙලා තියෙන්නේ.
දිලූෂි කියන විදියට ඇය සැබෑ ජීවිතයේත් ‘විනුලි’ වගේම තමයිලු ඒ නිසා ඒ චරිතය වැඩිය අමාරු වුනේ නෑ කියලත් ඇය කියනවා.ඉතින් ඒ වගේම ඇය අද මේ ඉන්න තැනට එන්න ඇයගේ රූපයත් ලොකු ශක්තියක් වුණා කියලත් ඇය කියනවා. කුමරිය තරගයට ඉදිරිපත් වෙලා තුන්වැනි ස්ථානය දිනා ගෙන තමයි ඇය කළා ක්ෂේත්‍රයට පය තියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ධරණි ටෙලිනාට්‍යයේ තරුමිනිගේ චරිතය රඟපාන ජනප්‍රිය සුරූපී නිලි හේෂානි ලියදිපිටියව ඇයට මුණගැහිලා තියෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරගයේදීම තමයි.
ඉතින් ඒ වගේම ඇය පුංචි කාලේ ඇයගේ අම්මා ඇයව අවුරුදු 5ක් වෙනකන් වෙනිවැල් ගැට තම්බලා නාවලා තියනවාලු. ඒ නිසා ඇය මේ තරම් සුදු වෙලා තියෙන්නේ. හොඳි නිළියකගේ රූපයක් වගේ වෙලා තියෙන්නෙත් කියලයි ඇය කියන්නෙව් ඒ වගේම පුංචි කාලේ ඉඳන්ම ඇයට කැමැත්ත තිබිලා තියෙන්නේ නීතිඥවරියක් වෙන්න. කොහොම හරි හොඳින් අධ්‍යාපන කටයුතු නිමා කරලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න ඇයට වාසනාව හිමිවෙලා තියෙනවා.ඉතින් ඒ වගේම ඇයගේ ඇත්ත ජීවිතේත් බොහෝ දේවල් ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතයට සමානයිලු
. ඉතින් සැබෑ ජීවිතයේදීත් ඇය ටිකක් නපුරු කෙනෙක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ධරණි කියන්නේ ඇයගේ පළමු ටෙලි නාට්‍ය නිසා ගොඩක් කැපවීමෙන් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් තමයිලු ඇයට මේ ටෙලිනාට්‍යයට දායක වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ දවස්වල ඇය ජර්මන් භාෂාව ඉගෙන ගන්නවාලු. ඉතින් රටේ තියන ප්‍රශ්න නිසාම හොඳට ඉගෙනගෙන දැන් හොඳ රැකියාවක් කරන එක තමයිලු ඇයගේ එකම බලාපොරොත්තුව.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |




