මෝදි එක්ක ගිවිසුම් 7ක්.. දිලිත්ගෙන් ආණ්ඩුවට කනේ පාරක්!

Report

 ඉන්දියාව සමඟ එළඹි ආරක්ෂක ගිවිසුම හැකිනම් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමා රජයට අභියෝග කරන බව සර්ව ජනබලය පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

කලාකරුවෙක් මියගියාම රජයෙන් කරන්න යනදේ මෙන්න

කලාකරුවෙක් මියගියාම රජයෙන් කරන්න යනදේ මෙන්න

කෙසේවෙතත් කිසිදු හේතුවක් මත හෝ අදාළ ගිවිසුම සභාගත කිරීමට රජය කටයුතු නොකරන බව ඔහු සඳහන් කළේය. අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

"NPP රජය පසුගිය දවස්වල මෝදි ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලාමේන්තුවේදී දිර්ඝ ප්‍රකාශයක් කලා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නෑ.

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් රජය කරපු දේ

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් රජය කරපු දේ

ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදිද කියන්නේ පාර්ලිමේන්තුවේ දී. දැන් මෙන්න මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා රජය. බරපතල විදියට කණගාටු වෙනවා.

කිසිම රජයක් මේ විදියට කරලා නෑ. යම් රාජ්‍යතාන්ත්‍රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම් කෂේරුකාවක් තියාගෙන රජයට පුළුවන්කමක් තියෙන්න ඕනේ "ඔව් අපි අත්සන් කළා ඒක මේන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නෑ" කියන්න. මේ ගිවිසුම් වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නෑ. දැනගන්න දෙන්නෙත් නෑ."

යනුවෙන් ඔහු සදහන්  කළේය.