"විපක්ෂයට ඇප ගැන බණින ආණ්ඩුවේ ඇමතිවරුන් ඉන්නේ ඇප මතද, නැත්නම් සැක පිටද?" - විමල් වීරවංශගෙන් ප්‍රශ්න මාලාවක්

Report

විපක්ෂයේ වේදිකාවේ සිටින්නේ ‘ඇප මත සහ සැක පිට’ සිටින පුද්ගලයන් පමණක් බවට ආණ්ඩුව චෝදනා කරන බව පවසමින්, ආණ්ඩුවේ ජන රැළියකදී ජනාධිපතිවරයාට පිටුපසින් සිටි අමාත්‍ය වසන්ත සමරසිංහ ඇප මත සිටින්නේද, නැතහොත් සැක පිට සිටින්නේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව තමන්ට අභියෝගයක් විය හැකි පුද්ගලයන් විවිධ සිදුවීම්වලට පටලවා සිරගත කිරීමට උත්සාහ කරන බවයි.

එමෙන්ම, වත්මන් ආණ්ඩුවේ ‘ක්‍රිප්ටෝ කරන්සි ධනය’ සහ තට්ටු තුනේ නිවාස පිළිබඳව සොයා බැලීමට සිදුවනු ඇත්තේ ඊළඟට බලයට පත්වන ආණ්ඩුවකට බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   

පාස්කු ප්‍රහාරයේ පූර්ව තොරතුරු බුද්ධි අංශ සඟවා තිබෙනවා - අධිකරණයේදී දැවැන්ත හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරයේ පූර්ව තොරතුරු බුද්ධි අංශ සඟවා තිබෙනවා - අධිකරණයේදී දැවැන්ත හෙළිදරව්වක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි